මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වගකීමක් බවත් සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද ඒ අනුව කටයුතු කළ යුතු බවත්ය.
එසේම එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවත් ඔහු සඳහන් කර සිටියා.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා පුද්ගලයින් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වන බවත් පැවසුවා.