රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද ඩොලර් බිදින දහ අටක් උගන්ඩාවට යැවු බවට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඔහු ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ විපක්ෂයේ සිට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටින බවත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් දැන් නැති බවත්ය.
තවදුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වා පලක් නැති බවත් සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.
නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඇති බවත් පවසන ඔහු ඒනිසා තවදුරටත් මාධ්‍ය සංදර්ශනවලින් ඵලක් නැති බවත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.