ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.
මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබෙනවා.
සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇති බවට සඳහන්.
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ජයශංකර් මහතායි.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව ද හමුවුණා.
එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් මහතා X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අගය කරන බවයි.
එමෙන්ම දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.