
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමව්පියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍රේණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්ද ව්‍යාපෘතියක් නොවන අතර මෙරට අධ්‍යාපනය නිවැරදි කිරීමට අවංක අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පසුගිය කාලයේ ගුරුවරුන් බඳවාගැනීම නිසි පරිදි නොවුණු බවත්, ඉදිරියෙ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එලෙස සඳහන් කළා.