
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී විදුලි ගාස්තු තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු අඟවනවා.
ගාල්ලේ පැවති දේශපාලන උත්සවයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ආර්ථිකය පිළිබඳ තමාගේ අවබෝධයට අනුව නොවැම්බර් හෝ දෙසැම්බර් වන විට රට කඩා වැටෙනු ඇති බවද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා.
යම් හෙයකින් ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වුවහොත් මන්ත්‍රී ධුර ඇතිව හෝ නැතිව ලංකාව බලාගැනීමට තමා සුදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.