
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්රේරේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවේ සහයට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු සිවු දෙනෙක් අනියුක්ත කර තිබෙනවා.
ඒ් අනුව මෙම කමිටුවේ සහායට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කර තිබෙනවා.
ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි විමර්ශන කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) නැවත රැස්වීමට නියමිතයි.
කමිටුව මීට පෙර පසුගිය වැනිදාත් 25 වැනිදාත් රැස්වූ අතර මෙම කමිටුව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව සිය අවසන් විමර්ශන වාර්තාව කතානායකවරයාට භාරදීමට නියමිතයි.
පොලිස්පතිවරයා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවයි.