මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබෙනවා.
මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලි රැහැන් පද්ධති ඉවත් කර තිබූ බවයි වාර්තා වන්නේ.
මන්ත්රී ප්රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.