වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් පසුගිය වසර කිහිපයේ දී රට හැර යෑම හේතුවෙන් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් වැසී යෑමේ අවදානමක් මේ වනවිට මතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසනවා.
පසුගිය වසර පහකට ආසන්න කාලසීමාවේදී මෙලෙස වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බවද වෛද්‍යවරයා කියා සිටියා.
විදේශගත වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම වෛද්‍යවරයා ඉවත්ව යෑම හේතුවෙන් මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යෑම ද දුෂ්කර වී ඇතැයි වෛද්‍යවරයා පවසනවා.
ග්‍රාමීය හා නාගරික රෝහල් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිවීමෙන් රෝගී ජන ජීවිත අවදානමට ලක්ව සෞඛ්‍ය පද්ධතිය බරපතළ බිඳ වැටීමක් අබියස පවතින බවද පවසන වෛද්‍යවරයා බොහෝ රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟය ද මෙයට දැඩිව බලපා ඇති බවද සඳහන් කරනවා.
වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, අතුරු සෞඛ්‍ය සේවකයින් ඇතුළු සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් තරම් වැටුප් ලබාදීමට පසුගිය රජයන් කටයුතු නොකිරීම තුළ මෙම තත්ත්වයන් උද්ගතව ඇති බැවින් අදාළ විෂමතාවන් විසඳීම සඳහා වහාම නව ප්‍රතිපත්ති සැකසීමට මෙවර මහ මැතිවරණය අවසානයේ දී පත්වන රජය කටයුතු කළ යුතු බවද, විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.