දැනට සීමා කර ඇති වාහන ආනයනය යළි ප්‍රකෘතිමත් නොකළහොත් ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට නොහැකි වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා.
ඔහු ඒ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.
නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කළහොත් භාණ්ඩාගාරයට තීරු බදු එකතු වී බලාපොරොත්තු වූ ආකාරයට වැටුප් වැඩි කිරීම හැකි බවද ඔහු කියා සිටියා.
පසුගිය ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බාරදුන් සැලසුමේ ඇත්තේ ද වාහන ආනයනය කිරීමෙන් එකතු වන බදු හරහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවයි.
මෙම වසරේ මුලින් බලාපොරොත්තු වූ සියයට තුනක ආර්ථික වර්ධනයට වඩා සියයට එකකින් ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බැවින් සැලකිය යුතු මුදලක් භාණ්ඩාගාරයට ලැබෙන ඔහු සඳහන් කළා.
මේ අනුව ජනවාරි මස පළවෙනිදා සිට වැටුප් වැඩි කිරීමට පැවති ආණ්ඩුව සූදානම් සිටියේ මෙම කාරණා ඉටු කෙරෙමින් බවද පැවසූ ඔහු වැටුප් වැඩි කිරීමට පසුගිය ආණ්ඩුව මුදල් වෙන්කර නැති බවට අග්‍රාමාත්‍යවරිය එල්ල කරන චෝදනා සත්‍ය නොවන බවත් එම මුදල් වෙන් කර ඇති බව ඇති බව පැහැදිලි බවත් තව දුරටත් කියා සිටියා.