අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙනුවෙන් සහ එම කාර්යාලීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් එම ඒකකයට ඇතුලත් කර ඇති වෛද්‍ය නිළධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා වෙත අදාළ ලිපි ලේඛණ සහ යතුරු නිල වශයෙන් පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර තිබෙනවා.