වයඹදිග පාකිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ ගැටුම් හමුවේ අවම වශයෙන් ආරක්ෂක භටයින් 12 දෙනෙකු සහ ත්රස්තවාදීන් 6 දෙනෙකු මිය ගිය බව පාකිස්ථාන හමුදාව ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවකට පෙර අඟහරුවාදා සවස කයිබර් පාක්තුන්කාවා (Khyber Pakhtunkhwa) පළාතේ බනූ (Bannu) දිස්ත්‍රික්කයේ මාලි ඛන් (Mali Khan) ප්‍රදේශයේ ආරක්ෂක මුරපොලක් අසල මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පිපිරීමක් සිදු කරගෙන ඇති බවයි හමුදාව පැවසූ බවයි.
“ප්‍රතිප්‍රහාර හමුවේ ත්රස්තවාදීන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මුරපොළට ඇතුළු වීමට ගත් උත්සාහය පාකිස්ථාන හමුදාවේ භට පිරිස් විසින් සාර්ථක ලෙස ව්‍යර්ථ කරන ලදී ” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හමුදා මුරපලේ යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස “ආරක්ෂක හමුදාවේ සොල්දාදුවන් 12 දෙනෙකු මිය ගොස් තිබේ” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම ප්‍රහාරය එල්ල වූයේ බන්නු දිස්ත්‍රික්කයෙන් පැහැරගෙන ගිය පොලිස් නිලධාරීන් හත් දෙනෙකු හමුදාව විසින් අඟහරුවාදා සවස “ආරක්ෂිතව” මුදාගැනීමෙන් අනතුරුවයි.
ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි ටිරා නිම්නයේ පසුගිය සති අන්තයේ ත්රස්තවාදීන් සමඟ ඇති වූ දරුණු වෙඩි හුවමාරුවකදී ද අවම වශයෙන් ආරක්ෂක භටයන් අට දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.