හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවත් ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටීම පිළිබඳව ස්තූතිවන්ත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලාංකිකයන් ද දේශපාලන ප්රචණ්ඩත්වය අත්විඳ ඇති බව පැවසූ ජනාධිපතිතුමා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන නීතිවලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.
සෙනසුරාදා පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී තුවක්කුකරුවෙකු වේදිකාව දෙසට වෙඩි තැබීමෙන් පසු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනට වෙඩි වැදුනු අතර එක් ප්‍රේක්ෂකයෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.