තායිලන්තයේ චියැං මායි හිදී ආරම්භ වූ ආසියානු බොක්සිං ශූරතාවලියට සහභාගී වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු වී ඇති අතර එමඟින් ශූරතාව සඳහා කණ්ඩායමේ අවසන් සුදානමද කඩාකප්පල් වී තිබෙනවා.
පසුගියදා මීගමුවේ පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩකයා තහනම් උත්තේජක භාවිත කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLNADA) විසින් සිදු කරන ලද පරීක්ෂණයෙන් මලල ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක සාධනය වැඩි කරන ඖෂධයක අංශු මාත්‍රයක් ඇති බව අනාවරණය වී තිබෙනවා. වෛද්‍ය වාර්තාවට අනුව, මෙම ඖෂධය ශක්තිය වැඩි කිරීමට සහ මාංශ පේශි වර්ධනය කිරීමට ගන්නා ඖෂධයක් වන අතර තරඟකාරී ක්‍රීඩා වලදී අසාධාරණ වාසියක් සපයන බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් තහනම් උත්තේජක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේ බොක්සිං ක්‍රීඩකයාගේ වැඩ තහනම් කර ඇති අතර ලබන සතියේ විනය කමිටුවක් හමුවට කැඳවීමට නියමිත බවයි. මෙම නඩු විභාගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීමට අවස්ථාව හිමිවනවා.
බොක්සිං ක්‍රීඩකයා මූලික ‘A’ සාම්පල පරීක්ෂණයේ ප්‍රතිඵලවලට විරුද්ධ වන්නේ නම්, ඔවුන්ට ‘B’ නියැදි විශ්ලේෂණයක් ඉල්ලා සිටීමට පුළුවන්. කෙසේ වෙතත්, ‘බී’ සාම්පලයෙන් ද තහනම් ද්‍රව්‍ය ඇති බව තහවුරු වුවහොත්, ක්‍රීඩකයාට ඉදිරි තරඟ තහනමක් ඇතුළුව වැඩිදුර විනය පියවරයන්ට මුහුණ දිය යුතු වනවා
තත්ත්වය මෙසේ වුවත් ශ්‍රී ලංකා බොක්සිං සංගමය මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටිනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මාධ්‍ය වෙත විධිමත් නිවේදන නිකුත් කිරීමට පෙර එම සංගමය විනය ක්‍රියාවලිය අවසන් වන තෙක් බලා සිටින බවයි.
කෙසේවෙතත් ආසියානු බොක්සිං ශූරතාවලියේ ප්‍රබල දස්කම් දැක්වීමට දැඩි බලාපොරොත්තු තබා සිටි ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට මෙම තරඟ තහනම සැලකිය යුතු පසුබෑමක් බවට පත්ව තිබෙනවා. බලපෑමට ලක් වූ මලල ක්‍රීඩකයා ලේටන් කුසලානයේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වූ අතර මෙම ශූරතාවලියෙහි පදක්කමක් සඳහා තරඟ කරන ප්‍රධාන තරඟකරුවෙකු ලෙස සැලකෙනවා.
ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතය මත පදනම්ව පුහුණුකරුවන් සහ නිලධාරීන් මෙම ක්‍රීඩකයාව පුළුල් ලෙස සූදානම් කර තිබූ බැවින් මොහු හදිසියේ බැහැර කිරීම කණ්ඩායමේ චිත්ත ධෛර්යය සහ උපාය මාර්ග කඩාකප්පල් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම සිදුවීම තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නිරන්තර අවධානය යොමු කරනවා. තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම් රටේ බොක්සිං ක්ෂේත්රයේ දුර්ලභ දෙයක් වූවත්, මෙම නඩුව මගින් දැඩි තහනම් උත්තේජක විරෝධී ක්‍රියාමාර්ගවල වැදගත්කම සහ මෙම තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වැඩි අවබෝධයක් සහ අධ්‍යාපනයක් අවශ්‍ය බව අවධාරණය කරනවා.
ඉදිරි සතිවලදී විනය කමිටුවේ තීරණය මෙම මලල ක්‍රීඩකයාගේ ඉරණම තීරණය කරනු ලබනවා. මේ තුළින් ඔහු වරදකරු බව ඔප්පු වුවහොත්, බොක්සිං ක්‍රීඩකයාට මාස කිහිපයක සිට ජීවිතාන්තය දක්වා වූ තහනමකට පවා මුහුණ දීමට සිදුවනු ඇති.