දෙමටගොඩ ගුවන් පාලම යට අලුත උපන් බිළිඳකු දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.
ඒ අසලින් ගිය අයකු විසින් දෙමටගොඩ පොලිසියට කළ දැනුම් දීමකට අනුව රෙදි කැබැල්ලක ඔතා තිබූ මෙම බිළිඳිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නිලධාරීන් වහාම බිළිඳිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
කෙසේවෙතත්, පරීක්ෂා කිරීමේදී බිළිඳා ඒ වන විටත් මියගොස් ඇති බව රෝහල් බලධාරීහු තහවුරු කර තිබෙනවා.
හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ බව පෙනී ඇති මෙම බිළිඳිය අතහැර දැමීමට දිනකට හෝ දෙකකට පෙර උපත ලබා ඇති බව මූලික විමර්ශනවලින් පෙනීගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.