දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහකොමසාරිස්වරුන් 18 දෙනකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කරනවා.
කෙසේවෙතත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවද ඔහු පවසනවා.
දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරනවා.