ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව ඇති බව පැහැදිලිවම පෙනෙන බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසනවා.
නමුත් ජනාධිපතිවරයාට එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි කණ්ඩායමක් නැති බවද උන්වහන්සේ සඳහන් කළා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.
මෙතෙක් පැවති ආණ්ඩු කරගෙන ආ වැඩකටයුතු අතර රටට වැඩදායක ඒවා තිබූ බවද පැවසූ උන්වහන්සේ ඒවා ඉදිරියටද කරගෙන යා යුතු බවද සඳහන් කළා.