සීගිරිය රාත්‍රී කාලයේදීත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන එළැඹෙන මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිතයි.
සෑම මසකම පරස්පොළොස්වක පොහෝ දින, ඊට පෙර දෙදින සහ පසු දෙදෙනක් වශයෙන් සඳ එළියේදී සීගිරිය නැරඹීමේ අවස්ථාව එමගින් සංචාරකයන්ට උදාකර දෙනවා.
දැනට සීගිරිය නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව දී ඇත්තේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා වන කාලයේදී පමණයි.
මේ අතර සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා විදුලි සෝපානයක් සවිකිරීමට අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම වාර්තාවලට අනුව ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස විදුලි සෝපානයක් ස්ථාපිත කිරීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
පසුගිය වකවානුවේ සීගිරිය පර්වතය තරණය කිරීමේදී පුද්ගලයන් කිහිපදෙනකු හෘදයාබාධවලට ගොදුරුවීම වැනි තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සීගිරියේ ප්‍රථමාධාර ඒකකයක් පිහිටුවීමටද සාකච්ඡා වී ඇතැයි පැවැසෙනවා.
මීට අමතරව ප්‍රවේශපත්‍ර කවුළුවල පවතින ගැටළු, වන සතුන්ගෙන් සංචාරකයන්ට සිදුවන ගැහැට, මාර්ගෝපදේශ සේවාවන් ආදී සීගිරිය ආශ්රිත ගැටළු රැසක් පිළිබඳවද අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වනවා.