දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඝාතන වරදකරුවකු වන දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පිහිටුවන ලද මෙම මණ්ඩලය මරණ දණ්ඩනයට නියම වී සිටින දුමින්ද සිල්වාට අඛණ්ඩ නේවාසික ප්‍රතිකාර අවශ්‍යද යන්න ඇගයීමට ලක්කරනු ලබනවා.
එම ඇගයීම ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිත අතර, වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතයි.
දුමින්ද සිල්වාට වෙනම වැසිකිළි සහ තවත් පහසුකම් රැසක් ලබාදී ඇති බවට එල්ල වන චෝදනා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කරනවා.
දුමින්ද සිල්වා රඳවා ඇති පරිශ්‍රයේ කලකට පෙර කරන ලද පරීක්ෂාවේදී ජංගම දුරකථන හෝ වෙනත් තහනම් උපකරණ කිසිවක් සොයානොගත් බවද ඔහු සඳහන් කළා.