නිරිත දෙසින් නාවික සැතපුම් 102 ක් පමණ දුරින් බහාලුම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇත් බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරනවා.
ගුජරාටයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබූ මෙම නෞකාවේ ඉදිරිපස කොටස පිපිරීම් සහ ගිනි ගැනීම්වලට ලක්ව තිබෙනවා.
ආපදා සංඥාව ලැබීමෙන් පසු, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම හදිසි අවස්ථාවට විසඳුම් සෙවීම සඳහා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වී තිබෙනවා. ICG නෞකාවක් එම ස්ථානයට යවා ඇති අතර, තත්ත්වය පිළිබඳ ගුවනින් නිරීක්ෂණය සඳහා ඩෝනියර් ගුවන් යානයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
රළු මුහුද සහ අයහපත් කාලගුණය ඇතුළු අභියෝගාත්මක තත්ත්වයන් නොතකා ගිනි නිවීමේ උත්සාහයන් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවටද වාර්තා වනවා. කෙසේවෙතත් එහි සිටින කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වෙරළාරක්ෂක බලකාය සහතික කර තිබෙනවා. ගිනි නිවීමේ මෙහෙයුම වැඩිදියුණු කිරීම සඳහා අතිරේක ICG නෞකා දෙකක් ගෝවේ සිට යවා තිබෙනවා.
ගින්න පාලනය කිරීමට සහ පාරිසරික උපද්‍රව වැළැක්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙහෙස නොබලා කටයුතු කරනවා.