කිසිදු ඇමැතිවරයකුට, අමාත්‍යාංශ ලේකම්වරයකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ දූතයන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
“ඇමැතිවරුන් විදිහට අපි විදේශ දූතයන් හමුවෙන්න අපගේ අවශ්‍යතා කියන්න සහ සහාය ලබා ගැනීමට පුරුදුවී සිටියා. මෙම පුරුද්ද දැන් සම්පූර්ණයෙන්ම නතර කරලා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චක්‍රලේඛය ගැන සඳහන් කරමින් ඊයේ(8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ගේ පෞද්ගලික සංචාර සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ වැනි එම චක්‍රලේඛයේ ඇති ඇතැම් ධනාත්මක කරුණුවලට ඔහු ප්‍රසාදය පළ කළා.
කෙසේවෙතත්, සීමාවන් වැඩිකර තිබීම පිළිබඳ දයාසිරි ජයසේකර සිය කණස්සල්ල පළ කළා.
මහ ඇමැතිවරයකු ලෙස සිය අත්දැකීම් උපුටා දක්වමින් ඔහු පැවසුවේ, ‘සහෝදර නගර’ වැඩසටහන යටතේ වෙනත් රටවල් සමඟ පළාත් පාලන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට තමා අතීතයේ දී පහසුකම් ලබාගත් බවයි.
“එවැනි උත්සාහයන් පවා නතර කර තිබෙනවා. මේක දැන් උතුරු කොරියාව වගේ වෙලා. තානාපතිවරයකුට විදේශ අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඇමැතිවරයකු හමුවෙන්න බැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
මෙහිදී බිමල් රත්නායක ඇමැතිවරයා මෙම ප්‍රකාශයට විරුද්ධව අදහස් දක්වමින් සඳහන් කළේ එවැනි සීමාවක් ක්‍රියාත්මක නොවන බවත් තමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවූ බවත්ය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබනද කඩිනමින් ඔහු වෙත දැනුම් දෙනු ඇති බවයි.
එවැනි සීමාවන් රජයට සහ ඇමැතිවරුන්ට ගැටලු ඇති කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවූවා.