ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින 159 දෙනාම හෝ පාර්ලිමේන්තුවට එදිනෙදා පැමිණෙන සියලුම දෙනා උදේ දවල් රෑ තුන් වේලම පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා ගන්නා බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරනවා.
ඔහු ඒ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
ඇතැමුන් ගෙදරද ඔතාගෙන යන බවට පැවසුනද තමන්ට ඒ ගැන නිශ්චිත තොරතුරු නැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවක පිරිස්වලට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇතැයිද ඔහු කියා සිටියා.
තමන් මෙතෙක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගෙන නැති බවත් ඉදිරියට ගැනීමේද බලාපොරොත්තුවක් නැති නමුත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නවාට තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත් ඔහු සඳහන් කර සිටියා.
කෙසේවෙතත් මෙහි ගැටලුව ඇත්තේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීමට මුලින් දැඩි විරෝධී මතයක් දරමින් සිට මේ ආකාරයට කටයුතු කිරීම බවයි.