අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළ බවට චෝදනා එල්ලවූ මහින්ද කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ලබන ජුනි මස 18 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළා.
මහින්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නා.
ඔහු මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා නම් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව ඔහුගේ නීතීඥය වන තිළිණ වීරසිංහ මහතා විසින් අධිකරණයට දන්වා සිටියා. පසුගිය දින ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ මහින්ද කොඩිතුවක්කු මහතා ආබාධයකින් පෙළෙන බවය. එම වාර්තාව මත පදනම්ව නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සදහා කෙටි දිනයක් ලබාදෙන ලෙස CID විසින් ඉල්ලීමක් කළා.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දිවයිනේ විවිධ ස්ථානවලදී අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම් ලබාගැනීමේ දර්ශන සහ ඔහුගේ දේශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පසුගිය කාලයේ විශාල කතාබහට ලක්වුණා. ඔහුගේ කටයුතු බුදු දහමට අපහාසයක් ලෙස සලකා චෝදනා එල්ල වී තිබුණා.