පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා.
ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය සිදු කළ නියෝගයට අදාළවයි.
අනුරාධපුර – ගල්වල මංසන්ධිය ප්‍රදේශයේදී පොලිස් රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට මන්ත්‍රිවරයා බාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සහ එම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.
ඒ අනුව අදාළ විමර්ශන සම්බන්ධයෙන් ලබන මස 3 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙවන් පසුබිමකයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා අද දිනයේදී මෙම මෝසම ගොනු කර ඇත්තේ.
එමගින් අදාළ නඩුව අද දිනයේදීම කැදවන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.
ඒ අනුව නඩුව පස්වරු 1.30 ට කැදවීමට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.