අමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා.
කෙසේවෙතත් ඒ පිළිබඳව නැවත අමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව සඳහන් කර තිබෙනවා.
හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් අමෙරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව, සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව බවද එම නිවේදනයේ සඳහන් වනවා.
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක 07ක කාලය තුළදී අමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.
අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.