හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මසකට රුපියල් මිලියන 2ක් වටිනා රජයට අයත් නිවසක පදිංචිව සිටින බවයි.
ඒ හා සමානව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාසිකව රුපියල් මිලියන 0.9ක තක්සේරුවක් සහිත නිවසක වාසය කරන බවද හෙළිදරව් කර තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය මසකට රුපියල් මිලියන 4.6ක් වටිනා බවත් එය අක්කරයකට වඩා වැඩි බවත්ය.
රජයේ නිවසක් භාර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙහිදී කෘතඥතාව පළ කළ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී තම රජයේ නිවස භාර දුන් බවද සඳහන් කර තිබෙනවා.
හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස ද මීට කලකට පෙර තම නිල නිවස ආපසු ලබා දුන් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.
එමෙන්ම දේශපාලනඥයින් සඳහා වන අනවශ්‍ය වියදම් අඩු කිරීම සඳහා තම පරිපාලනයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.