චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම් ඉන්ධන නිකුත් කරනවාද යන්න පිළිබඳව දැනුම් දීමට මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහි දී චීනය විසින් මෙරට ඉදි කිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සහිත ඉන්ධන පිරිපහදුව පිළිබඳ යෝජනාව මීට පෙර ලැබුණු එකක් වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම්වලට එළඹුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ දී බවත් අමාත්‍යවරයා පැවසුවා.