කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරනවා.
ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියා.
අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
මෙම ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට ඔහු පවසා තිබෙනවා.
සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.