![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/1111-1.jpg)
කන්කසන්තුරෙයි මුහුදු සීමාවේදී නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගන්නා අවස්ථාවේ, අනපේක්ෂිතව ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් ඉන් ධීවරයින් දෙදෙනෙකුට වෙඩි වැදීම සිදුවී ඇති බව නාවික හමුදාව අද (29) තහවුරු කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයෙන් අනතුරුව මෙම තොරතුර අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ප්‍රකාශ කළා.
මේ අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නීතිවිරෝධී ධීවර කටයුතු සිදුවන බවට ලද තොරතුරකට අනුව, ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පසුගිය සදුදා (27) රාත්‍රියේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවූ බව ද නාවික හමුදාව සඳහන් කළා.