
2020 වසරේ ආනයන සීමා පනවා, එම සීමා මෙම වසරේ ඉවත් කළ පසු, මෙරටට ගෙන්වාගත් පළමු වාහන තොගය කොළඹ වරායට ලඟා වී තිබෙනවා.
වාර්තා අනුව, ගොඩබා ඇති වාහන තොගය ඩබල් කැබ් රථ සඳහා බව සඳහන් වනවා.
වාහන ආනයනකරුවන් පවසන්නේ, එක් ඩබල් කැබ් රථයක් රු. 24,00,000 සිට රු. 26,00,000 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ආනයන සීමා ඉවත් කළ ආරම්භක වාරයේදී, කැබ් රථයක් ඊට වඩා අඩු මිලකට අලෙවි කළ හැකි බව පැවසුණු බව ද වාර්තා වනවා.