
පවුලක් ලෙස ලොව පදිංචි වීමට සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබෙනවා.
ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන්. ට්‍රැවලර් සඟරාව විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.
රටේ සංස්කෘතිය, අධ්‍යාපන ගුණාත්මක භාවය, ප්‍රවාහන පහසුකම්, රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාව, සෞඛ්‍ය පද්ධතිය මෙන්ම ආරක්ෂක තත්ත්වය යන කරුණු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම අනුව ස්වීඩනය සහ නෝර්වේ යන රටවල් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගෙන ඇති බවයි සී.එන්. ට්‍රැවලර් සඟරාවේ දැක්වෙන්නේ.