
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ගැසට් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමිවන අතර, ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුනට නීතිමය බලය හිමිව තිබෙනවා.