
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යුද්ධයෙන් පසු ලැබුණු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඔහු අවභාවිත කළ නමුත් ජාතික ජන බලවේගයට ලැබී ඇති තුනෙන් දෙකේ බලය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් භාවිත කරන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
“මහින්ද රාජපක්ෂට යුද්දෙන් පස්සෙ ආවා තුනෙන් දෙකේ බලයක්. ඒ බලය පාවිච්චි කරලා බොහෝ නරක වැඩ කළා. වංචා දූෂණ කළා. අම්මා අප්පාගෙ සොහොන් ගේ හැදුවෙත් රටේ ධනය යොදවලා. ඔන්න අපි තුනෙන් දෙක හසුරුවනවා බලාගන්න අප්‍රේල් 08 ඈ … මොකක්ද පාර්ලිමේන්තුවේ කරන්නෙ ? අලුත් පනතක් ගේනවා.
රජයේ දේපළ, ජනතා මුදල්, මොනයම් හෝ දෙයක් පාවිච්චි කරලා යම් නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් අයුතු දේපළක් ගොඩනඟාගෙන තියෙනවා නම් රාජසන්තක කිරීමේ පනත අප්‍රේල් 08 තුනෙන් දෙකෙන් අපි සම්මත කරනවා.
දැන් වේගෙ මදි කියන කට්ටිය එහෙම කිව්වාට දැන් බලන්නකෝ ඇමතිවරු හතරක් ඇතුළෙනෙ දැන්. ඔය හතරක් ඉන්නෙ. එකෙක් එළියෙ හොයාගන්න බෑ. පොලිස්පති කෙනෙක් ඇතුළෙ ඉන්නවා. මම දාපු පැමිණිල්ල 2016 ඌව පළාත් සභාවෙ වංචා දූෂණ සම්බන්ධයෙන් චාමරගෙ විභාග කළේ නෑ, දැන් ඒක විභාග වෙනවා.”
සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින්.