
කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි පහළොවක කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.
ඒ පැය භාගයක කාලයක් ඇතුළත 5% ඉක්මවූ ප්රමාණයකින් පහළ යාම හේතුවෙන්.
පෙරවරු 10.40 වන විට කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 776 කින් පහල ගොස් ඒකක 14613ක් ලෙස දැක්වුණා.
S&P SL20 දර්ශකය එම කාලයේදී ඒකක 297 කින් පහල ගොස් ඒකක 4236ක් වුණා.