
ලංකා ඉතිහාසයේ කියන දේ කරන ලද එකම ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
වෙනත් කිසිදු ආණ්ඩුවක් එසේ කර නැති බවත් ඔහු කියා සිටියා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගනිද්දී ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ලැග සිටි බවද ඔහු කියා සිටියා.
ණය ගෙවා ගන්න බැරිව තුන්වේල කන්න නොමැති රටක් තම ආණ්ඩුව බාරගත් බවත් ඔහු සඳහන් කළා.
තම ආණ්ඩුව බලයට පත්වූ පසු ආර්ථිකය ස්ථාවර කරන ලද බවත් ඉන් අනතුරුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියා.
පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළා.