
සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
ඇමැති බංගලා රැසක් කැලෑ වැදී ජරාවාස වී ඇතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර ඇමති බංගලා අතුරින් කිහිපයක් පාවිච්චියට ගත නොහැකි අන්දමට අබලන්ව ඇතැයි අමාත්‍යාංශය පවසනවා.
පාවිච්චියට ගැනීමට පෙර ඒවා පිළිසකර කිරීමට සිදුවන බවත් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් සොයා ගැනීම ගැටළුවක් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළා. කොළඹ නගරයේ ඇමැතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ පවතින අතර මෙම බංගලා පාවිච්චි නොකිරීමට නව රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම ඇමති බංගලා ආර්ථික අතින් ඵලදායි ව්‍යාපෘතිවලට යෙදවීමට රජය බලාපොරොත්තු වනවා.