
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්රඩ්පුර ප්රෙදේශයට පිවිසෙන මාර්ගය හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා විසින් (22) දින ප්රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්රධාන දේශපාලන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ ක්රියා කලාපය හේතුවෙන් එම කටයුත්ත නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් (22) දින පියවර ගෙන තිබෙනවා.
කාලයක් තිස්සේ එම මාර්ගය විශාල වලවල් හෑරී කඩතොලු වී තිබූ නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා වල නිසා හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා විසින් එම මාර්ගයේ වලවල් වසා දැමීමට නගර සභා සේවකයින් යොදවා තිබියදි එම ස්ථානයට පැමිණි ලංකා කම්කරු කොංග්රසයෙන් නගර සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු එම කටයුත්ත තම ඉල්ලීම පරිදි සිදු කරන බවට ප්රදේශවාසීන්ට හුවා දැක්වීමට උත්සහ කරමින් සිටින අවස්ථාවේ එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා වෙත දුරකථනයෙන් අමතා සිය විරෝධය දැක්වීමෙන් අමතරව එම මාර්ගය තාවකාලිකව පිලිසකර කිරිම නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් පියවර ගැණුනා.