
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා.
අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළා.
රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියා.
මේ අතර සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් හට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.