
ඩෑන් ප්රියසාද් ඝාතනයේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
22 වනදා රාත්රීයේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්රියාකාරී ඩෑන් ප්රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.