
මෙවර දළදා ප්රදර්ශනයේ දී ප්රභූ පෝලිම් කිසිවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් පවසනවා.
නමුත් එතන ඉන්නා පිරිස් එක්වී එවන් පෝලිමක් සාදාගෙන ඇති බවද ඔහු කියා සිටියා.
ඒ සඳහා දියවඩන නිලමේතුමාගේ ද යම් සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවන බවත් ඔහු සඳහන් කළා.
එම පෝලිමෙන් තම තමන්ගේ හිතවත්තු යැවීමට පටන් ගෙන තිබූ බවත් පරණ පුරුදු තවම පවත්වාගෙන යන බවත් ඔහු චෝදනා කළා.
ඒ අනුව එම තත්ත්වයද කතාබහ කර නැවැත්වීමට සිදුවූ බවත් ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින් කියා සිටියේය.