වව්නියාව බෝගස් වැව ප්රදේශයේ ප්රදේශයේ පදිංචි තරුණයෙකු ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
ඒ, මාමඩුව පොලිසියේ සහ බෝගස්වැව පොලිසියේ විමර්ශනයකට අනුවයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 හැවිරිදි තරුණයෙක් වන බවයි වාර්තා වන්නේ.
මිය ගිය තරුණයා පසුගිය 30 වනදා ඔහුගේ පෙම්වතිය සමග ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත යහළු කර ගැනීමට හා ඇයව බිය කිරීමට මිය යන බව පවසා ගෙලෙහි ලණුවක් ගැටගසා ගෙල වැලලාගන්නා ආකාරයට රඟ දක්වා ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා.
එහිදී තරුණයාගේ ගෙලෙහි වූ ලණුවේ ගැටය එකවරම සිරවීමෙන් තරුණයා මරණාසන්න වී ඇති බවට පොලිසිය සැක පල කරන අතර ප්රදේශවාසීන් විසින් තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.