මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදර ජනාධිපතිවරණ ප්රචාරක රැළියකදී ප්රකාශ කර සිටියා.
ඔහු මෙම ප්රකාශය කරමින් කියා සිටියේ ඉදිරි වසර දහයක ඇතුළත ඔවුන් බලය ලබාගන්නා බවයි.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුව පැවැත්වී ඇත්තේ මුනුවන්ගොඩ ප්රදේශයේදීයි.
“මුංව ඉවර කරන්න ඕනේ. මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නැහැ. අපි මේක කරන්න දෙන්නේ නැහැ. මම කියනවා ඉදිරි අවුරුදු දහය ඇතුළේ අපි බලය ගන්නවා . අපි මේක ඉවරකරනවා. වසන්ත , බෝපේ, ශ්වස්තිකා , ලහිරු , දේශපාලනයේ ඉනවා. ඉදිරි අවුරුදු දහයේ අපි ගිනි තියනවා. තොපිව ඉවර කරනවා”