ජනාධිපතිවරණයේ ජන රැලි සඳහා සෙනග සම්පාදනය කරන පුද්ගලික මෑන් පවර් ආයතන බිහිවී ඇති බව හිටපු අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
එම ආයතන ඕනෑම දේශපාලන පක්ෂයක ජනරැළි සඳහා මුදල් ගෙවූ පසු සෙනඟ සපයන බවත් ඔහු සඳහන් කළා.
පුද්ගලයෙකුට අය කරන ගාස්තුව රැස්වීමේ රැඳී සිටින කාලය අනුව තීරණය වන බවත් ඒ මහතා කියා සිටියා.
රැස්වීම මුල සිටම අවසන් වන තුරු රැඳී සිටීමට රුපියල් 3000ක මුදලක් හා කෙටි කාලයක් සඳහා 1500ක මුදලක් ද අය කරන බවත් ඔහු සඳහන් කළා.