ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වුණා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වුණා.
මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව තිබෙනවා.
ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු වුණා.
මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354ක්.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 ක්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 දෙනෙකු වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් 1,024,244, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 923,736, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 741,862, සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 709,622 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් සහ මාතර දිස්ත්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940ක්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686ක්.
මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166 දෙනෙක්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 දෙනෙකු වනවා.
අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 දෙනෙක්.