09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නා.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.
මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වුණා.
දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයින් ද ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණෙමින් තිබෙනවා.