වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර දේශපාලනයක් රටට අවශ්‍ය කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, නීතීඥ, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රට තුළ යළිත් ජාතිවාදය ඇති කිරීමට ඉඩලබා නොදිය යුතු බවයි.
අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම අදහස් පළ කළා.
“කිසිදා අපේ ආගම, ධර්මය, සභ්‍යත්වය නොපැතූ යම් කිසි ජාතිවාදී බීජයක් මේ රටේ පැළවෙනවා නම් ඒක එවලෙම පොඩිකරලා තලාදමලා ජාතිවාදය මේ රටෙන් තුරන් කරන්න. නමුත් උතුරට ගිහින් එකක් කියන, දකුණෙදී තව එකක් කියන දැන් පවතින දම්පාට දේශපාලනය අවසන් කරන්න ඕනේ. ඒ වෙනුවට අපේ ආදරයේ දේශපාලනය පොළොවේ පැළ කරන්න ඕනේ. දේශපාලනය තුළ අපිට ඕනේ වෛරයෙන්, ක්‍රෝධයෙන් තුරන් වුණු අපි ඔක්කෝම එකතුවෙලා කරන වැඩක්. හැබැයි ඒකේ එක දෙයකට අපි එකඟ වෙන්න ඕනේ. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන් තමයි මේ සියලු දෙනාම තනතුරුවලට යන්නේ. ඒ මිනිස්සුන්ට මොකක්ද වුණේ කියලා හොයන්නේ බලන්නේ නැති, ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන හොයන්නේ බලන්නේ නැති දේශපාලනය අවසන් කරන්න ඕනේ. මම කියන්න කැමතී ඔබගේ සෙනහසේ කතිරය සටහන් කරන්න මේ මව්බිමේ අපි පළඳවන පදක්කම ඉදිරියේ.”