2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අද පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තා.
ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකටද, අලෙවි වුණා.
මේ අතර පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් කෙරුණද ඔවුන්ව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.
අද වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක වටිනාකමකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගනු ලැබුවේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින්.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක එෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙනවා.