
දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබූ බවයි.
දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වැනිදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල්කර ගනිමින්.
කෙසේ වුවද ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය දෝෂාභියෝග ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණා.
ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ පියවර ගත්තේ ඒ අනුවයි.
එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණයි.
ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙන අතර එරට අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති.