බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය බ්‍රිතාන්‍ය රජු සහ රැජිණ ලෙස අනාගත භූමිකාවන් භාරගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.
එම කටයුතු පෙර සූදානම් කර තිබුණාට වඩා කඩිනමින් සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල තුන්වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් මෙම වසරේදී ඔහු අභියෝග රැසකට මුහුණ දී සිටිනවා.
එමෙන්ම බ්‍රිතාන්‍ය රජ කිරුළේ මීළග හිමිකරු වන වේල්සයේ කුමරු ලෙස නම්දරා සිටින විලියම් කුමරු සහ වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ද මෙම වසරේදී මුහුණ දුන්නේ අභියෝගාත්මක කාලවකවානුවක ය.
විශේෂයෙන් 42හැවිරිදි වියේ පසුවන කේට් මිඩ්ල්ටන් මෙම වසර මුලදී පිළිකා රෝගී තත්ත්වයක් සඳහා සිය ප්‍රතිකාර ආරම්භ කළා.
ජනවාරි මාසයේ නියමිත උදර ශල්‍යකර්මයේදී ඇයගේ රෝග විනිශ්චය කිරීමෙන් පසුව, ඇය වසරේ වැඩි කාලයක් විවේකයෙන් කාලය ගත කළ අතර, ඒ හමුවේ විලියම් කුමරු ද පවුලේ කටයුතු හේතුවෙන් ඔහුගේ පොදු කටයුතු අඩු කර සිටියා.
කේට් කුමරිය දැන් සුවය ලබමින් සිටීම හේතුවෙන් මෙම යුවළ ක්‍රමයෙන් ඔවුන්ගේ පොදු රාජකාරි ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.