එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට දින කිහිපයකට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සමඟ හාදුවක් බෙදාගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී තිබෙනවා.
තේරී පත් වූ ජනාධිපතිවරයා ක්‍රීඩා ඉසව්වකට සහභාගි වෙමින් සිටින අතරතුර සිය බිරිය සිපගන්නා ආකාරය එහි දැක්වෙනවා.
කෙසේවෙතත් මෙම ඡායාරුපය ගත් දිනය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
එහෙත් බොහෝදෙනා පවසන්නේ,ඉදිරි ජනාධිපති ධූර කාලය තුළ සිය බිරිය තමා පසෙකින් සමීපව තබාගැනීමට ට්‍රම්ප් දක්වන උනන්දුව මෙමගින් පිළිබිඹු වන බවයි.
මෙම සතිය මුලදී, ට්‍රම්ප් අන්තර්ජාලයේ අවධානයට ලක්වූයේ, පාම් බීච් හි අන්තර්ජාතික ගොල්ෆ් ක්ලබ් හි සංචාරයකදී දැකගත හැකිවූ ඔහුගේ නව කොණ්ඩා මෝස්තරය නිසායි.
අතීතයේදී ට්‍රම්ප් වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී බොහෝ සේ සිය කොණ්ඩා මෝස්තර අලෙවි කළා.