මාර්ග අංක 187 යටතේ ධාවනය වන කොටුව – කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී තිබෙනවා.
ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම සමාගම පවසනවා.
මෙලෙස කොටුව – කටුනායක බස් රථවලට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර හිමිවන්නේ වසර 6කට ආසන්න කාලයකට පසුවයි.
කෙසේ නමුත් මෙම බස් රථවලට ගුවන්තොටුපොළ තුළ රැඳී සිට මෙම බස් සේවාව ක්රියාත්මක කිරීමට අවස්ථාවක් නැහැ.
2019 පාස්කු ප්රහාරය එල්ලවීමත් සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මේ දක්වා මෙම බස් සේවාව තාවකාලිකව නතර කර තිබුණා.